» » කොට්ටාවේ දෙමහල් නිවසේදී දියණියගේ කථිකාචාර්ය පෙම්වතා මව මරා දියණියටත් පහරදීලා

කොට්ටාවේ දෙමහල් නිවසේදී දියණියගේ කථිකාචාර්ය පෙම්වතා මව මරා දියණියටත් පහරදීලා



කොට්ටාව සුහද පෙදෙස සිරමල්වත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක ඝාතනයක් සිදුවී ඇත. එම නිවසේ ඉහළ මහළේ තරප්පු පෙළ අසල දී තියුණු ආයුධයකින් පහර දී 55 හැවිරිදි කාන්තාවක ඝාතනයට 
ලක්කර ඇත්තේ උදෑසන 3.30 ත් 4.00 ත් අතර කාලයේදීය. පසුව මියගිය අයගේ තරුණ වයසේ දියණියටද පහරදී තුවාල සිදු කර ඇති බව පැවසේ. 
සිද්ධියෙන් මියගිය කාන්තාව ශ්‍රියානි කොඩිකාර ලෙස හඳුනාගෙන තිබේ.

තුවාල ලද තරුණිය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. ඇය ලබාදුන් කට උත්තර අනුව ඇගේ පෙම්වතා වන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු මෙම ක්‍රියාව සිදු කර ඇති බව කොට්ටාව පොලිසිය පවසයි.

තුවාල ලද තරුණිය හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ ප්‍රකාශ මත පෞද්ගලික විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

About Admin

Hi Lanka,එහෙන් මෙහෙන් ඇහෙන නියම ගොසිප්.
«
Next
Newer Post
»
Previous
Older Post