» » රටම කතා කරන දුම්රිය සේවකයන්ට ලක්ෂ ගණනින් පඩි ලැබෙන හැටි මෙන්න

එන්ජින් රියදුරන්ගේ වැටුප ලක්ෂ දෙක හමාර පනී..ස්ථානාධිපතිට ලක්ෂ එක හමාරක් - රටම කතා කරන දුම්රිය සේවකයන්ට ලක්ෂ ගණනින් පඩි ලැබෙන හැටි මෙන්න


වැටුප් විෂමතාවට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරු නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඊයේ (08) පස්වරු 3 සිට හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කළේ පූර්ව දැනුම් දීමකින් තොරවයි
මේ හේතුවෙන් පීඩාවට පත් ජනතාව වර්ජනයේ නිරත සේවකයන්ට දැඩි විරෝධයක් එල්ල කළා.
කෙසේ වෙතත් ඊයේ (08) ඇතිවූ තත්වය පිළිබඳ සමාජයේ දැඩි කතාබහට ලක්වූ අතර, දුම්රිය සේවකයන්ට ලැබෙන වැටුප් පිළිබඳවද කාගේත් අවධානයට යොමුවුණා.ඒ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී අණාවරණය වූයේ  දුම්රිය දෙපාර්තමේන්තුවේ එන්ජින් රියදුරෙකුගේ මාසික වැටුප රුපියල් 250,000 ට වැඩි බවයි.
සමස්ත රාජ්‍ය සේවකයින් අතරින් ඉතාම ඉහළ වැටුප් දුම්රිය සේවකයින්ට හිමිවන බවත්, විශ්‍රාම වැටුපකට හිමිකම් කියන රාජ්‍ය සේවකයින් අතරින් මසකට රුපියල් 150 000 කට වැඩි ඒකාබද්ධ වැටුපකට හිමිකම් කියනුයේ දුම්රිය සේවකයින් හා වෛද්‍යවරුන් පමණක් බවත් මෙහිදී අණාවරණය වූවා.
පහතින් දැක්වෙන්නේ එන්ජින් රියදුරන්, දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය සේවකයන් පිරිසකගේ වැටුප් පත්‍රිකා කිහිපයකි.



About Admin

Hi Lanka,එහෙන් මෙහෙන් ඇහෙන නියම ගොසිප්.
«
Next
Newer Post
»
Previous
Older Post