» » මගී ජනතාව අසරණ කළ දුම්රිය වර්ජනය අඛණ්ඩව

මගී ජනතාව අසරණ කළ දුම්රිය වර්ජනය අඛණ්ඩව

මගීන් රැසක් අපහසුතාවයට පත්කරමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය නිසා ඊයේ (08) පස්වරුවේ සිට කොටුව දුම්රිය ස්ථානය ඇතුලු දුම්රිය ස්ථාන කිහිපයකම නොසන්සුන්කාරී තත්වයක් ඇතිවුනා. හදිසියේම ආරම්භ කෙරුණු මෙම දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් මෙන්ම  බස් රථවලින් ගමන් ගන්නා මගීන්ද පවා දැඩි අපහසුතාවයන්ට පත්වුණා. 
විශේෂයෙන්ම කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවල ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් කුපිත වූ ඇතැම් පිරිස් දුම්රිය ස්ථානයේ දේපළවලට ද හානිකර කරමින් වර්ජනයට පෙර කොටුව දුම්රිය ස්ථානයට පැමිණි දුම්රිය කිහිපයක රියදුරන්ද සිරකරගෙන සිටියා. මේ හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පොලිස් විශේෂ කාර්යය බලකායද කැඳවා තිබුනා.
ගම්බිම් බලා යාමට නොහැකිව මගීන් රැසක් රාත‍්‍රී 10.30 පමණ වනවිටත් මගීන් කොටුව දුම්රිය ස්ථානය තුළ රැදී සිට ඇති අතර ලංගම බස්රථ හැකි උපරිමයෙන්ම යොදා මගීන්ට සහන සැළැස්වීමට කටයුතු කර තිබුනා. කෙසේ නමුත් විරෝධතාවයේ යෙදුන මගීන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය අවහිර කිරීමත් සමඟ බස් රථ ධාවනයටද බාධා එල්ල වුනා.
මේ අතර ඊයේ රාත්‍රියේදී ආරක්ෂක අංශවල මැදිහත්වීම මත එක් දුම්රියක් පමණක් පොල්ගහවෙල බලා ධාවනය කිරීමට කටයුතු කර තිබුණා.
අනුමත වැටුප් විෂමතා නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාව අත්හිටුවීමට විරෝධය පළකරමින් ආරම්භ වුනු මෙම විරෝධතාවය මේ වන විටත් අඛණ්ඩව සිදුවන අතර  දුම්රිය ස්ථානාධිපතිවරුන්, පාලකවරුන්, රියදුරන් සහ නියාමකවරුන් ඊට එක්වී සිටිනවා.

About Admin

Hi Lanka,එහෙන් මෙහෙන් ඇහෙන නියම ගොසිප්.
«
Next
Newer Post
»
Previous
Older Post