» » මහත්තයා කුලී වැඩ කරලා තමයි අපිට කන්න දුන්නෙ


මහත්තයා කුලී වැඩ කරලා තමයි අපිට කන්න දුන්නෙ

වන අලි පහරදිමකින් පසුගියදා මියගිය අම්පාර පන්නල්ගම කුමන ප්රදේශයේ පදිංචිව සිටි අරුණ ශාන්ත යන අයගේ දියණිය අද (05) අම්පාර මහානාගපුර විදුහලේ  ශිෂ්යත්ව විභාගයට පෙනී සිටියා.  
අද උදෑසන 7.00 පමණ සිය මවට වැද ආශිර්වාද ලබා ගනිමින් පියාට වදින ගාථව කියමින් පියාගේ දේහයටද වැඳ ඇය විභාගයට පෙනී සිටීම සඳහා පිටත් වීමට සූදානම් වූ අතර දියණිය තම පියාගේ දේහයට වඳින අවස්ථාවේදී පැමිණ සිටි සියළු දෙනාගේම දෙනෙත් වලින් කඳුලු කඩා වැටුනේ එය ඉතාමත්ම සංවේදී අවස්ථාවත් වූ නිසාවෙන්.
එසේම මෙම දියණිය ඉගෙන ගන්නා පාසල වන පන්නල්ගම මහා විදුහලේ විදුහලේ විදුහල්පතිතුමිය පැමිණ දියණිය සනසවමින් ඇය දිරිමත් කර මහානාගපුර විදුහලේ විභාග ශාලාව වෙත සිය මෝටර් රථයෙන් රැගෙන යාමට කටයුතු කර තිබුණා
තවද මේ පුවත සැලවීමත් සමග ඇයට උදව් කිරීම සඳහා එම දියණිය ඉගෙන ගන්නා පාසල වන පන්නල්ගම මහා විදුහලේ විදුහලේ විදුහල්පතිතුමියගේ මැදිහත් වීම මත ඔබේ පරිත්යාගයන් ලබා දීමේ හැකියාව පවතිනවා. සඳහා 077 8 826 598 යන දුරකතන අංකය ඔස්සේ විදුහල්පතිනී නන්දනී මහත්මිය සම්බන්ධ කරගනිමින් ඔබේ උපකාරයන් සිදුකිරීමට අවශ් තොරතුරු ලබා ගන්න පුළුවන්.
එසේම නොසිතූ මොහොතක තම පවුලට සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව මියගිය අයගේ බිරිඳ හැඩූ කදුලින් මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ විස්තර කලා.
‘‘හවස මහත්තයා සහ මම ගඟට නාන්න ගියා. පස්සෙ ගෙදර ඇවිත් මගෙන් රුපියල් 200 ක් ඉල්ල ගෙන කුඹුරෙ ලාම්පු පත්තුකරන්න ගියා. රෑ 7.30 විතර මහත්තයගෙ අයියගෙ නෝනා කිවුවා ඉක්මනට ඉස්පිරිතාලෙ යන්න ලෑස්ති වෙන්න, අයියා බයිසිකලෙන් වැටිලා කියලා.මහත්තයගෙ ඔළුවෙන් ලේ ගොඩක් ඇවිල්ලා තිබුණා. මම ඇහුවා ඇයි මොනවා වෙලාද කියලා.එතකොට. තමයි කිවුවෙ අලියා ගහලා පාගලා කියලා. මහත්තයා කුලී වැඩ කරලා තමයි අපිට කන්න දුන්නෙ.අපිට කුඹුරු නැහැ. අනුන්ගෙ කුඹුරු වී වලට අරගෙන තමයි කරන්නෙ දැන් අපිට උදව් කරන්න කවුරුවත් නැහැ. අපි අසරණ වුනා‘‘
මේ අතර දියණියගේ නිවසටම පැමිණ ඇයව දිරිගන්වා ශිෂ්යත්ව විභාගයට පෙනී සිටීම සඳහා සිය මෝටර් රථයෙන් ඇය රැගෙන ගිය විදුහල්පතිතුමිය නන්දනී පෙරේරා මහත්මියද සමාජයේ ගෞරවයට ලක්වුනා. 










About Admin

Hi Lanka,එහෙන් මෙහෙන් ඇහෙන නියම ගොසිප්.
«
Next
Newer Post
»
Previous
Older Post