» » ඇන්ජලෝ මැතිව්ස් නැවතත් පන්දුව අතට ගන්න සැරසෙයි

ඇන්ජලෝ මැතිව්ස් නැවතත් පන්දුව අතට ගන්න සැරසෙයි
පාදයේ ඇතිවූ ආබාධයක් නිසා පන්දු යැවීමට සමුදුන් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් පන්දු යැවීමට සූදානම් වන බව වාර්තා වනවා.
අද (07) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.
එහිදී ඇන්ජලෝ මැතිව්ස් වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉදිරි මාස දෙක තුනක කාලය ඇතළතදී පන්දු යැවීමේ පුහුණු කටයුතු ආරම්භ කරන බවයි.තවමත් ආබාධය සම්පූර්ණයෙන් සුව වී නොමැති නිසා දැන්ම පන්දු යැවීම කළ නොහැකි බවද ඔහු මෙහිදී සඳහන් කළා.
කෙසේ වෙතත් ඉදිරි කාලයේදී මැතිව්ස් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස යොදා නොගෙන පූර්ණ කාලීන පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් මීට පෙර සඳහන් කර තිබුණා.

About Admin

Hi Lanka,එහෙන් මෙහෙන් ඇහෙන නියම ගොසිප්.
«
Next
Newer Post
»
Previous
Older Post