» »


සූරියකෝෂ මගින් බලගැන්වෙන ශීතකරණයක් සහිත Demak ත්‍රීවිලරය
දැන් පාරේ තිබෙන ලයිට් එකට පවා සූරියකෝෂ සවි කරලා. බහුතරයකගේ නිවාස වල වහලය මත සූරියකෝෂ සවි කරලා. අපේ මිනිස්සු ඉස්සරට වඩා තාක්ෂණයෙන් ඉදිරියට ඇවිත්. තාක්ෂණයෙන් ලබා ගන්න පුළුවන් උපරිම ප්රයෝජනය ලබා ගන්නවා. මේ වගේම තාක්ෂණයෙන් උපරිම ප්රයෝජන අරගෙන ලක්ෂ 10 අඩුවෙන් ෆ්රිජ් එකක් තිබෙන ත්රිරෝද රථයක් Demak සමාගම හඳුන්වාදී තිබෙනවා. මේ රථයේ විශේෂත්වය වන්නේ ශීතකරණයට අවශ් විදුලිබලය එම ත්රිරෝද රථයේ වහලය මත තිබෙන සූරියකෝෂ මගින් නිපදවීමයි.

මස්, මාළු , කිරි, යෝගට්, එළවළු වගේ ශීත කල අහාර බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්න අයට කදිමෙට ගැලපෙන Demak Eco3 ත්රිරෝද රථය ලංකාවට හඳුනවා දීම නිල වශයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය හා ග්රාමීය ආර්ථික රාජ් අමාත් දිලීප් වෙදආරච්චි මහතාගේ මුලිකත්වයෙන් පසුගිය දිනක එම අමාත්යාංශයෙදී පැවතුනා. මේ සඳහා Demak ශ්රී ලංකා සමාගමේ නව කළමනාකාරීත්වයද සහභාගිවීම විශේෂත්වයක්.

මාධ් වෙත අදහස් දැක්වූ Demak ලංකා සමාගමේ සභාපති  Gao Rong මහතා පැවසුවේ මේ වසරේ Demak ලංකා සමාගම දේශීය මෝටර් සයිකල් වෙළඳපොලේ පෙරලියක් ඇති කරමින් 50CC ස්කූටරයක් අඩුමිලට හඳුන්වාදීමට බලපොරොත්තු වන අතර ජපන් සහ ඉන්දියානු මෝටර් සයිකල් ගෙන්වා බෙදාහැරීමේ කටයුත්තටද මුලපුරන බවයි.

Demak සමාගමේ රට පුරා විසිරි ඇති තම සේවා ජාලය හරහා දැනට වෙළඳපොළේ තිබෙන සියළුම මාදිලියේ මෝටර් සයිකල් සඳහා අමතරකොටස් බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද Demak සමාගම ලංකාවේ සංචාරක කර්මාන්තයට උරදෙමින් නවතම හෝටල් සමූහයක් ආරම්භ කිරීමට නියමිත බවද ප්‍රකාශ කර සිටියා.









About Admin

Hi Lanka,එහෙන් මෙහෙන් ඇහෙන නියම ගොසිප්.
«
Next
Newer Post
»
Previous
Older Post